කැලණි
ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා මර්ධන ඖෂධය ලබා ගැනීමට තමන්ද ඉතා කැමැත්තෙන් සිටිනා
බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
එය
ලබා ගැනීම සඳහා දැනටත් ක්‍රියා කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.
කාලි
මෑණියන්ගේ වරමකින් ලබාදුන්නේ ද නැද්ද යන නොව එහි අඩංගුව ගැන සොයා බැලීම වටිනා බවද
පැවසූ ඔහු ඇතැමුන් විසින් මෙය විහිළුවක් බවට පත් කර ඇතැයි ද සඳහන් කළේය.
වරම
ලැබුණේ කාගෙන්ද යන්නට වඩා එහි අඩංගුව ගැන සොයා බැලිය යුතු බවද කී ඔහු මී පැණි,
සාදික්කා, කොත්තමල්ලි, අමු ඉගුරු යන්න එම ඖෂධයේ අඩංගුව බවද පැවසීය.
ඒ
අනුව එම ඖෂධ යොදා තමන්ගේ නිවසේ ද එම පැණිය සාදමින් සිටින බවද ඔහු කියා සිටියේය.
සිය
අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

