මධ්‍යම පළාත සහ බදුල්ල, ම්පාර, මඩකලපුව දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ මිලි ලීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.
එමෙන්ම කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
තද වැසි සමග තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි යැයි එසේම අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

