කොවිඞ් 19 වෛරසය හේතුවෙන්
මිය යන පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසාන කටයුතු සිදුකල යුතු ආකාරය පිළිබදව
මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම මත විශේෂ රැස්විමක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද
රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වනු
ලැබීය.
මෙම
සාකච්චාව සඳහා රජයේ මැති ඇමතිවරුන් කීප දෙනකු සමගින් මුස්ලිම් මන්ත්‍රිවරුන්
පිරිසක්ද සහභාගිවු අතර ඒ සඳහා ජල සම්පාදන අමාත්‍යවරයා වශයෙන් මා හටද ආරාධනා කර
තිබු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය හමුවකදි කියා සිටියේය.
මෙහිදි
වැඩිදුරටත් අදහස් දැක්වු වාසුදේව නානායක්කාර මහතා මෙම විශේෂ සාකච්ඡාවේදි භුගත ජලය
පොලව මතුපිට ආසන්නයේ නොමැති ගැඹුරු ස්ථාන පිළිබඳව සොයා බලා වර්තා කරන ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා
මා වෙත පවරන ලදි.
ඒ අනුව භූගත ජලය
සම්බන්ධ විශේෂඥයන් වෙත මා මෙම කාර්යාංශ පැවරූ අතර ඔවුන් විසින් කරන ලද පර්යේෂණයන්ට
අනුව භූගත ජලය ගැඹුරින් පිහිටා ඇති ස්ථාන දෙකක් හඳුනා ගෙන මා වෙත වාර්තා කරනු
ලැබුවා.
එම ස්ථාන 2 දෙක මන්නාරම
මරිච්චිකඩ්ඩි ප්‍රදේශය සහ නැගෙනහිර එරගම යන ප්‍රදේශ යි. මෙම ස්ථානයන්හි භූගත ජලය
අඩි තිහක ගැඹුරකින් වත් පිහිටා නොතිබි බව එම වාර්තාව මගින් මා වෙත ඉදිරිපත් කළා. ඒ
අනුව මෙම භූ විද්‍යා විශේෂඥ වාර්තාව මා විසින් ගරු අග්‍රාමාත්‍යතුමාට සහ සෞඛ්‍ය ඇමතිතුමිය වෙත භාරදුන් බවද
ඇමතිතුමා කියා සිටියේය.
දැනට රටේ උද්ගතව ඇති covid මරණ සම්බන්ධ අවසන්
කටයුතු කිරීම පිළිබඳ ගැටළුවට මෙම විශේෂඥ වාර්තාව ද උපයෝගී කර ගන්නා ලෙස ද මේ
සම්බන්ධයෙන් පත් කර ඇති සෞඛ්‍ය විශේෂඥ කමිටුවෙන් මා ඉල්ලා සිටින බවද අමාත්‍ය
වාසුදේව නානායක්කාර මහතා මෙම මාධ්‍ය හමුවේ දී දන්වා සිටියේය.

